01සිනමාවත් එක්තරා යාත්‍රාවක් නේද?මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න හිතුවෙ ඇයි.

ඔව් ඒක හරි සිනමාව එක්තරා යාත්‍රාවක් තමයි.ඒ වගේම මමත් මගෙ කලා ජීවිතේ ප්‍රධානතම අංගය විදියට දකින්නෙ සිනමාව.කාලයක් තිස්සෙ චිත්‍රපටයකට සම්බන්ද වෙන්න මගෙ බලාපොරොත්තුවාක් තිබුන.නමුත් තරණය කියන චිත්‍රපටියට පස්සෙ මගේ කියල නිර්මාණයකට මම සම්බන්ධ උනේ නෑ.අවුරුදු 7කට විතර පස්සෙ තමා මම මේ නිරිමාණයත් එක්ක සම්බන්ද වෙන්නෙ.ඇත්තටම මට සතුටින් කියන්න පුලුවන් මේ වෙනකොට අපි මේ නිර්මාණය කිසිම කරදරයක් බාධවක් නැතිව සාර්තකව සියලු වැඩ කටයතු අවසන් කරල තියෙන්නෙ.අපි චිත්‍රපට කර්මාන්තය සදහා යම්කිසි නිර්මාණයක් කරනවනම් එ හරහා සමාජෙට යම්කිසි හොද පණිවිඩයක් ලබා දෙන්න ඕනෙ.මේ චිත්‍රපටිය හරහා ඒ දේ සිදුවෙයි කියන විශ්වාසය මත තමා මම මේ නිර්මාණයත් එක්ක සම්බන්ධ වෙන්නෙ.

02.පාද යාත්‍රා කියන නම මේ නිර්මාණයත් එක්ක මොන වගේ සම්බන්දයක් මතද ගොඩ නැගෙන්නෙ.

ඇත්තටම මේ පාද යාත්‍රා කියන නම ලොකු සම්බන්දයක් තියෙනව මේ නිර්මාණයත් එක්ක.මේකෙ ඉංග්‍රීසි නම වෙනුවට අපි දැම්මෙ ද වොයේජ් කියල.පාද යාත්‍රා කියන එකෙන් මතු වෙන්නෙ ඉතාම කටුක හැගීමක්.අක්ක කෙනෙක් කුඩාකල නැතිවෙච්ච තමන්ගෙ මල්ලිව සොයා යන බලාපොරොත්‍තු සහගත කටුක ගමනක් පිළිබදවයි මේ නිර්මාණය ඇතුලෙ කතා වෙන්නෙ.ඉතින් මම හිතනව මේ නම තමයි මේ චිත්‍රපටයට සුදුසුම නම කියල.

03.සිංහල සිනමාව ඇතුළෙ කාන්තා නිෂ්පාදිකාවන්ගේ අඩුවක් තියෙනව නේද?

එහෙමම කියන්නත් බෑ.ඒ කාලෙ කාන්තා නිෂ්පාදිකාවෝ ගොඩක් හිටිය.මාලනී ෆොන්සේකා,අනෝජා වීරසිංහ වගේ ප්‍රබල නිෂ්පාදිකාවෝ හිටියා.ඔව් වර්තමානය වෙනකොටනම් ඔබ කියන එක හරි.නමුත් ඒකට බලපාල තියෙන්නෙ සිනමා කර්මාන්තය ඇතුලෙ තියෙන ප්‍රායෝගික ප්‍රස්න.දැන් යම්කිසි නිර්මාණයකට නිෂ්පාදකයෙක් සල්ලි දාල ඒ නිර්මාණය එළියට එනකල් සෑහෙන කාලයක් ඔවුන්ට බලාගෙන ඉන්න වෙනව.ඒ හේතුව නිසා ගොඩක් අය බයයි චිත්‍රපටි කරන්න මුදල් යොදවන්න.චිත්‍රපටි සංස්තාව හරි රජය හරි මැදිහත් වෙලා මේ ප්‍රස්න වලට විසදුමක් අරන් ආවොත් අපේ රටේ සිනමාවට ආයෙත් නිෂ්පාදකයොන්ගේ නිෂ්පාදිකාවන්ගේ අඩුවක් නැති වෙයි.

04.අපේ රටේ කාන්තාවන් ගැන නිර්මාණය වන බොහෝ නිර්මාණවල කතා වෙන්නෙ කාන්තාව ගැන අනුකම්පා සහගත් දෘෂ්ටි කෝනයකින්.නමුත් මට හිතෙනව මේ නිර්මාණය ඉන් ඔබ්බට ගිය නිර්මාණයක් කියල. සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?

ඔව් ඇත්තටම අපිට මේ නිර්මාණය තුළින් ඊට එහාගිය දෙයක් සමාජයට දෙන්න බලාපොරොත්තුවක් තිබුනා.කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටියේ කතාව ගලා යන්නෙ හලාවත ප්‍රදේශයේ ධීවර ගම්මානයක ඉන්න තෙරේසා කියන තරුණිය වටා.ඇය ඉතා රූමත් තරුණියක්.ඒ වගේ ම ඇය අධ්‍යාපනයට ඉතාම දක්ෂයි.ඇයට ඉන්නෙ සහෝදරයෙක් සහ පියා පමණයි.ඇයහේ මව මිය ගිහින්.මේ අතර මේ ධීවර ගම්මනේ ප්‍රධානියා තෙරේසාට විවාහ යෝජනාවක් ගේනව.ඔහු අවුරුදු 40ක පමණ පුද්ගලයෙක්.තේරේසා එයට අකමැති වෙනව.ඉන්පසුව තමා සාමකාමීව ගෙවෙන මොවුන්ගේ ජීවිත උඩුයටිකුරු වෙන්නෙ.ඇයගේ අකමැති වීමත් සමග ඇය කෙරෙහි වෛරයක් ඇතිකරගන්න මාකස් එක් අවස්තාවක ඇයව දූෂනයට ලක් කරනව.එම සිද්ධිය ඇයගේ සහෝදරයා දැන ගන්නව ඉන් පසුව ඔහු මාකස් බෝට්ටුවක නිදාගෙන ඉන්න වෙලාවක බෝට්ටුවට ගිනි තබනවා . ඉන්පසු එයින් බියට පත්වන තෙරේසාගේ සහෝදරයා ගම අතහැර පලා යනව.ඊට පස්සෙ කතාව ගලා යන්නෙ තෙරේසා ඔහුගේ නැති වූ සහෝදරයා සොයමින් ගතකරන දුක්කිත ජීවිතය පිළිබදව.නමුත් ඇය ජීවිතයේ මුහුන දෙන්නට සිදුවන අභියෝග හමුවේ නොසැලී ඇයගේ අරමුණ කරා ලගා වෙනව.ඇයගේ අරමුණ පමණක්ම නොවෙයි ඒ යන ගමනේදී  ඇය මෙන්ම අසරණ වෙච්ච තරුණියන්ට උදව් කරනව.ඒ නිසා අපිට කියන්න බෑ මේක කාන්තාව කෙරෙහි අනුකාම්පාව ඇති කරන්න කරපු නිර්මණයක් කියල. ඇත්තටම මේක කාන්තාවන් දිරි ගන්වන්න කරපු නිර්මාණයක් විදියට කිව්වොත් හරි.

05.පාද යාත්‍රා නරබන්න වැඩියෙන්ම පැමිනෙයි කියල ඔබ හිතන්නෙ පුරුෂ ප්‍රේක්ෂකයින්ද?කාන්තා ප්‍රේක්ෂකයින්ද?

මේ චිත්‍රපටිය තුළින් මුලිකම පණිවිඩය අපි ලබා දෙන්නෙ කාන්තාවන්ට.ඔවුන්ට ජීවිතයේ අභියෝග හමුවේ නොසැලී ඉදිරිය යන්න මේ චිත්‍රපටිය තුළින් ගොඩක් දේවල් ගන්න පුලුවන්.නමුත් සහෝදර බැදීම,ආදරය,ආගමික සංහිදියාව,සමාජ අසාධාරණය වගේ තවත් බොහෝ දේවල් මේ චිත්‍රපටිය හරහා කතා කරනව.මේ විදියට බැලුවාම මේ නිර්මාණය බාල මහලු තරුණ කාන්තා පිරිමි ඕන පුද්ගලයෙකුට නරබන්න පුලුවන් චිත්‍රපටියක් විදියට කියන්න පුලුවන්.නමුත් ඔබ අහපු ප්‍රස්නෙට පැහැදිලි උත්තරයක් දුන්නොත් මම හිතනව මේ චිත්‍රපටිය නරබන්න වැඩියෙන්ම කාන්තාවන් පැමිනෙයි කියල.

  1. 06. සාමාන්‍යයෙන් ලංකාවේ නිෂ්පාවකයා කියන්නෙ මුදල් ලබාදෙන පුද්ගලයාටඒ උනාට ඔබ ඉන් ඔබ්බට ගිහිල්ල චිත්‍රපටිය ඇතුලේ නිර්මාණාත්මක නියෝජනයක් කරනව නේද?

අනිවාර්යෙන්ම මම මේ චිත්‍රපටියේ මුල ඉදල අගට යනකල්ම හෙවනැල්ල වගේ ඉන්නව.මේ නිර්මාණයේ නිෂ්පාදනය සදහා මම සමග සම නිෂ්පාදක වරුන් ලෙස රුවන් ජයසිංහ,ලිලානි පෙරේරා,නෙරංජලා සරෝජනී යන අය සම්බන්ද වෙනව.නමුත් ඔවුන් කිසිම විදියකින් මට බලපෑම් කලේ නෑ අපි ඉතා සහයෝගයෙන් මේ කටයුත්ත සදහා දායක උනා.ඔවුන් තේරුම් ගත්ත මේ නිර්මාණයේ තිබෙන වටිනාකම.

  1. 07. අපේ රටේ බොහෝමයක් නිෂ්පාදකයින් කැමති නෑ අඩුම තරමේ කොළබින් පිට දර්ශන තලයකවත් රූගත කිරීම් තිබ්‍ර්න නිර්මාණවලට සම්බන්ද වෙන්න. වියදම් වෙන මුදල ගැන හිතල.නමුත් ඔබේ නිර්මාණ බොහෝමයක් විදෙශ් රටවල රූගත් කිරීම් කරල තියෙනව.මේ නිර්මාණය සදහාත් ඔබ විදෙශ් රටකට යනව නේද?

ඔව් මම ටෙලි නාට්‍යය බොහෝ ප්‍රමාණයක රූගත කිරීම සදහා විදෙශ් රටවලට ගිහින් තිබෙනව.මේ චිත්‍රපටියේ සමහර දර්ශන අපි කොළබ අවටත් රූගත් කිරීම් කලා නමුත් මූලිකවම අපි යොදාගත්තේ හලාවත ප්‍රදෙශයේ ධීවර ගම්මානයක්.ඒ ආශ්‍රිතව පිහිටි දේවාල කිහිපයක්ද අපි යොදාගතා.ඉතාම දුෂකර දර්ශන තල මෙන්ම ස්වර්ණමහල් වගේ සුඛෝපභෝගී දර්ශනතලයනුත් අපි මේ නිර්මාණය සදහා යොදා ගත්තා.ලංකාවට අමතරව අපි අනිත් දර්ශනතලයන් සදහා යොදා ගත්තේ නේපාලයේ පොකරා කියන ප්‍රදේශය. ඒ ගමනට අපේ 12 දෙනෙකුගේ විතර කන්ඩායමක් සහභාගී උනා.ඒ ගමන හරිම දුෂ්කර එකක් අපි ගමන් කලේ ජීප් රථවල සාමන්‍ය වාහන වලට ඒ මාර්ග වල ගමන් කරන්න අමාරුයි.ඒ ප්‍රදේශයේ ඉන්නෙ හරිම අමුතු මිනිස්සු කොට්ටාසයක් නමුත් හරිම අහිංසක සාමකාමී මිනිස්සූ.ඒ ප්‍රදේශය අධික සීතලයි.ඒ වගේම හරිම දුෂ්කරයි නමුත් අපිටනම් ඒ අත්දැකීම හරිම සුන්දරයි.ඔවුන් ඔවින්ගේ නිවාස හදල තියෙන්නෙ ගල් පතුරු වලින් නිවසට යන පාර උනත් හදල තියෙන්නෙ ඒ විදියට.මේ චිත්‍රපටිය නරබන ප්‍රේක්ෂකයන්ටත් ඒ රූප රාමු දාක ගන්න පුලුවන් ඒක එයාලටත් හොද අත්දැකීමක් වෙයි.ඒ තරමටම ඒ ප්‍රදේශය අලංකාරයි.නමුත් එහි රූග කිරීම් වලදී අපිටභියෝගයකට මුහුන දෙන්න සිද්ධ උනා. එහෙ පන්සලක් තියෙනව ස්ව්ම්බුනාත් කියල ඒක අන්තර්ජාතික කීර්තියට පත් වෙච්ච පංසලක් අපිට ඒ පංසලේ රූගත කිරීම සදහා අවසර ගැනීමේදී ඒ සදහා ලොකු මුදලක් අවශ්‍යය උනා නමුත් ඒ අවස්තාවේ අපේ සහයෝගයට ශ්‍රී ලංකා තනාපති කාරයාලයේ ශ්‍රී ලංකාවේ තනාපතිය විදියට ඉන්න ස්වර්ණා පෙරේරා මහත්මිය මැදිහත් වෙලා අපිට ඉතා අඩු මුදලකට එහි රූගත කිරීම සදහා අවසරය ලබා දුන්නා. මම එතුමියට ගොඩක් ස්තූතිවන්ත වෙනව ඒ වෙලාවේ අපිට කරපු ඒ උදව්ව පිළිබදව.ඔය වගේ අභියෝගවලටත් මුහින දෙමින් අපි කෙසේ හෝ නිරමාණය සදහා හොදම දර්ශන තල යොදාගෙන මේ චිත්‍රපටිය සාර්තකව නිම කලා.

  1. 08. මේ නිර්මාණයට සම්බන්ද වූ රංගන ශිල්පීන් හා අනෙකුත් ශිල්පීන් චිත්‍රපටිය සවහා සාදාරණයක් ඉටුකරා කියල ඔබ හිතනවද?

නළු නිළියන් තෝරගැනීම කියන තැනදි මේ චිත්‍රපටිය ඉතා විශේෂයි.අපි මේ චිත්‍රපටියේ කුඩා චරිත වලට පවා ගන්නෙ මේ රටේ ඉතාම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන්.උදාහරණයක් විදියට මෙහි තෙරේසාගේ පෙම්වතා විදියට අපි යොදාගන්න චරිතෙට අපි ගන්නෙ සාරංග දිසා සේකරව.ඔහුට තියෙන්නෙ සීන් හතරක පමණ කුඩා කොටසක් නමුත් අපි ඔහු වගේ නලුවෙක් යොදාගන්නෙ ඒ සදහා උපරිම සාදරණයක් බලාපොරොත්තුවෙන්.ඊට අමතරව සෙනාලි ෆොන්සේකා,ශ්‍රියන්ත මෙන්ඩිස්,පබෝධා සංධීපනී,ක්ලීටස් මෙන්ඩිස්,ලක්ෂ්මන් මෙන්ඩිස්‍,රොෂාන් පිලපිටිය,දිනෙත් ද සිල්වා,ලිලානි පෙරේරා,සෝමසිරි කොළබගේ,කුමුදු නිශාන්ත වගේ ඉතා ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් තමා මේ සදහා රංගනයෙන් දායක උනේ.මමනම් හිතනව ඔවුන්ගේ චරිත වලට සාදාරණයක් ඉටුකලා කියල.මෙහි වැඩිමහළු කාලෙ තෙරේසාගේ චරිතයට පණ පොවන්නෙ මම.මෙම චිත්‍රපටිය අධ්‍යයක්ෂනය කරන්නෙ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු,මෙහි කතා සංකල්පය කුමාරද සිල්වාගේ,තිර රචනය අරුණ ජයවර්ධනගේ,කැමරාකරනය අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි,සංස්කරණය මේඝ කොළබගේ,සංගීත අධ්‍යයක්ෂනය නවරත්න ගමගේ ,ගී පද මාලා බණ්ඩාර ඇහැලියගොඩ සහ වසන්ත කුමාර කොබවක,ගායනය නෙලු අධිකාරී සහ ඉන්දිකා උපමාලි,කලා අධ්‍යයක්ෂනය සුනෙත් නන්දලාල්,වේශ නිරූපනය ඉංදික උදාර ලංකා,සහය අධ්‍යයක්ෂනය අජිත් ලොකුගේ.රංගන ශිල්පීන් වගේම ඔවුන්ගෙනුත් චිත්‍රපටිය සාර්තක කර ගැනීමට ලොකු සහයෝගයක් ලැබුනා.

09.පාද යාත්‍රා චිත්‍රපටිය තුළ ඔබේ චරිතය ගැන මොන වගේ හැගීමක්ද දැනෙන්නෙ.එහි රංගනගැන ඔබ තෘප්තිමත්ද?

තෙරේසාගේ මැදිවියේ චරිතයට තමා මම රංගනයෙන් දායක වෙන්නෙ.චිත්‍රපටිය ආරම්භ වෙන්නෙත් මගෙ චරිතයෙන් තෙරේසා නේපලයට ගිය අවස්තාවේ ඇය දකිනව කුඩා ළමුන් පිරිසක් සෙල්ලම් කරනව ඇයට ආගේ කුඩා කලය සහ ඇයගේ සහෝදරයා මතක් වෙනව ඒත් සමගම කතාව අතීතෙට ගමන් කරනව මේ චිත්‍රපටියේ වැඩි කාලයක් ගත වෙන්නෙ අතීතාවර්ජනයක් විදියට.තෙරේෂා කියන්නෙ තරුණ කාලයේ දූෂණයට ලක් වී දැඩි අසාදාරණයට ලක් වූ කෙනෙක්.පසුව ඇය ඉතා ධනවත් තරුණියක් බවට පත් වෙනව.ඇය නමුත් ඇය මුල අමතක කරන්නෙ නෑ කොතරම් සැප සම්පත් ලැබුනත් ඇය සොයන්නෙ ඇයහේ කුඩාකල නැතු වූ ඔහුගේ සහෝදරයාව.මම ගොඩක් නිර්මාණවල රගපාල තිබුනත් මේ චරිතය විශේෂයි.මමනම් හිතනව මම ඒ චරිතෙට සාධාර්ණයක් ඉටුකලා කියල.නමුත් ඒක හරියටම දැන ගන්න පුලුවන් වෙන්නෙ චිත්‍රපටිය නරබන ප්‍රේක්ෂකයන්ගේ  ප්‍රතිචාර මත තමයි.

10.ඔබ හිතනවද පාද යාත්‍රා තුළින් මිනිස්සු අතරේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන අලුත් කතාබහක් ඇති වෙයි කියල.

ඔව් සමාජය කතා බහ කරයි.ඒ වගේම සමහරු විවේචනය කරයි.ටික කාලෙකට හරි මේ නිර්මාණය හරහා ඒ ගැන කතාබහක් ඇති වෙනවනම් සමාජයට යහපතක් වෙනව නම් ඒ මට ඇති.තේරුම් ගන්න අයට මේ චිත්‍රපටිය බැලුවට පස්සෙ ජීවිතේ කියන්නෙ මොකක්ද කියල අවබෝධ වෙයි කියල මම හිතනව.