රන්වීර් – දීපිකා මංගල මධුසමය උදාවෙයි

බොලිවුඩ් සිනමාවට ආසාකරන හින්දි ච්ත්‍රපට නිතර බලන ඕනෑම රසිකයෙක් “රන්වීර් සිං” “දීපිකා පදුකෝන්” යුගල ගැන නොදන්නවා වෙන්න බැහැ. “රාම්ලීලා” ච්ත්‍රපටයෙන් පස්සෙ මේ යුවල එක දිගට ජනප්‍රිය වෙන්නටත්, රසික ආකර්ශණයත් දිනාගත්තේ පුදුම විදිහටයි. මේ මෑතක “පද්මාවත්” ච්ත්‍රපටයත් එක්කත් මේ යුවල තවතවත් ජනප්‍රියත්වයටත්, අවධානයටත් ලක්වුණා. ඒ සියලු ජනප්‍රිය වීම් හා මාධ්ය අවධානයට ලක්වීම් අතරතුර මේ දෙන්නගේ ආදරයත් ලියලා වැඩුණේ හරිම ස්වාභාවිකවයි. වසර කිහිපයක නොමියෙන ප්රේස කතාවක් වූ රන්වීර් – දීපිකා ආදර සම්බන්ධය රූපගත කිරීම්, ච්ත්‍රපට රංගන, සිනමා උත්සව, සැණකෙළි, සාද මැද දිගින් දිගට පැවතුනා. ඒතා මෙතෙක් විවාහය හෝ විවාහ උත්සව ගැන වැඩි තොරතුරක් මේ දෙදෙනා අතින් හරියාකාරව කියවුණේ නැහැ.
ඔන්න මේ රන්වීර් – දීපිකා විවාහ උත්සවය ගැන තොරතුරු මාද්‍යටත් රටටත් ඇවිත්. ළඟ එන නොවැම්බරයේ පැවැත්වෙන මේ සුන්දර විවාහ මංගල්යය නිසැකවම ඉන්දියාව ඇතුලතම පැවැත්වෙන බව සැලවී තිබෙනවා. මේ සඳහාම නියම වැඩපිළිවෙලක් අනුගමනය කරන මේ යුවල මේවන විට තමන්ට වැඩ අවසන් කරන්නට නියමිත ච්ත්‍රපට රූගත කිරීම් ලහි ලහියේ කරගෙන යන්නේ නොවැම්බරයත්, දෙසැම්බරයත් විවාහ උත්සවයටත් මධුසමයටත් වෙන්කර ගත් නිසායි. රන්වීර් මේ ඉදිරි මාස තුනට “ගලි බෝයිස්” සහ “සිම්බා” කියන ච්ත්‍රපටවල රූපගත කිරීම් අවසන් කරන්නටයි, වැඩ කරගෙන යන්නේ. දීපිකා නම් මේ වන විටම රූපගත කිරීම් අවසන් කරලා විවාහයේ වැඩ කටයුතුවලටම යොමු වෙලා. රන්වීර් – දීපිකා විවාහ උත්සවය බොහෝ දුර ඈත ග්‍රීසිය වගේ රටක පවත්වන බවට ආරංචි පැතිර ගියා. ඒත් මේ යුවලට සමීපතම හිතවතුන් කියන්නේ ඒ සියල්ල බොරු කථා බවයි. ඉන්දියානු සංස්කෘතියත්, සංස්කෘතික ලක්ෂණත් සිත පතුලෙන්ම විශ්වාස කරන රන්වීර් – දීපිකා යුවල ච්ත්‍රපට මොනතරම් බටහිරවාදී වුණත් විවාහ වෙන්නේ නම් නියම දේශීය රටාවට බවයි, මේ සමීපතමයින් කියා සිටින්නේ.