” සිනමාවේ දී වැදගත් වෙන්නේ සුන්දර රූපයකට වඩා ගැලපෙන රූපය යි “
ප්‍රවීණ සිනමා ජායාරූප අධ්‍යක්‍ෂ “චන්න දේශප්‍රිය”

අද දවසේ අපේ සිනමාවේ අපට හමුවන ච්ත්‍රපට ජායාරූප අධ්‍යක්‍ෂවරුන් අතර “චන්න දේශප්‍රිය” මුල්මපෙළේ සිටින සම්මානලාභී ශිල්පියෙක්. “මේ මගේ සඳයි , සූරිය අරණ”, “තනි තටුවෙන් පියාඹන්න”, “අස් වැසුම”, ” සුළං කිරිල්ලී”, “සුළඟ එනු පිණිස”, “පත්තිනි” සේම දැන් තිරගත වන “යසෝදරා” චිත්‍රපටියයත් ඔහුගේ ච්ත්‍රපට ජායාරූපකරණයේ සුවිශේෂ සොඳුරු මතක සටහන් බව සුපැහැදිලියි. මේ පළ වන්නේ චිත්‍රපටිය ජායාරූපකරණය ගැන චන්න දේශප්‍රියගේ අදහස් හා ආකල්ප කැටි කළ කතා බහක සටහනක්.

මුල් කාලයේ දී ඔබ සිනමා රූපය හඳුනාගන්නේ මොන විදිහටද?
පාසල් කාලේ යාළු මිත්‍රයෝ පාසලේ වේදිකා නාට්‍ය නිර්මාණය කරන අතර ඒවායේ නිශ්චල ජායාරූප ශිල්පියා ලෙස කටයුතු කිරීමට මට ලැබුණා. ඒ කාලේ කැමරාවක් සොයා ගන්නවා කියන එක ලේසි පහසු වුනේ නැහැ. එදා ඉදන් ජායාරූප ගැනීම පිළිබඳ මගේ ඇති වු උනන්දුව වර්ධනය වුණා. එදා මගේ ජායාරූපවලට ඇති වු ඉල්ලූම තමයි අද මා සිටින තැන දක්වා ගෙන ආ සාධකය වන්නේ. ඊළඟට අප තරුණයන් ලෙස කටයුතු කරන කාලය වන විට තමයි ලංකාවට ටෙලිවිෂන් තාක්‍ෂණය ආවේ. ඒ ටෙලිවිෂන් තාක්‍ෂණය සමඟ වැඩ කරන්න හා අලූත් තාක්‍ෂණ ක්‍රමවේදය සොයා යන්න අපට පුදුම උනන්දුවක් තිබුණා. ටෙලිවිෂන් කැමරා වල තාක්‍ෂණය, කැමරා භාවිතය පිළිබඳ ඉක්මනින් වටහාගන්න අපට හැකි වුණා. ඒ වන විටත් නිශ්චල ජායාරූප ශිල්පියෙක් ලෙස මට තිබුණු අත්දැකීම් ටෙලිවිෂන් කැමරාව පහසු මෙවලමක් ලෙස භාවිතයට අඩිතාලමක් වුණා. මේ කාලේ රොහාන් වැලිවිට මට බොහෝ උදව් උපකාර කළා. ඒ කාලේ ටෙලිවිෂන් පිළිබඳ හෝ කැමරාකරණය පිළිබඳ පාඨමාලා තිබුනේ නැහැ. අපට ගුරුහරුකම් ගැනීමට තිබූ එකම මාර්ගය වුනේ ප්‍රවීනයන්ගේන් ලබා ගන්නා ගුරුහරුකම් හා මගපෙන්වීම් පමණයි. ඒ ප්‍රවීණයන් යටතේ සහය කැමරා ශීල්පීයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව මට ලැබුන. විලි බ්ලේක් , ඇන්ඩෲ ජයමාන්න, ඩොනල්ඞ් කරුණාරත්න, නෝබට් රත්නසිරි, සුමින්ද වීරසිංහ වැනි ප්‍රවීණයන් සමග සහාය කැමරා ශිල්පියෙකු ලෙස  වැඩ කරන්න ලැබීම අපූරු අවස්ථාවක් වුනේ මුල් කාලේ මෙවැනි සිනමාකරණය ප්‍රවීණ කැමරා ශිල්පීන් සමග සුරබිදෙන  සිරිමැදුර”  වැනි චිත්‍රරපටිවල වැඩකිරීමේ හැකියාව ඇති වූ නිසා සුමින්ද වීරසිංහ සමග තමයි මා වැඩියෙන් සම්බන්ධවී වැඩකටයුතු කළේ. මා සිනමා රූපය දැන හඳුනා ගත්තේ එහෙම ගමනක් සමගයි.

රූපවාහිණී ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමට පසුබිමක් ඇති මුල් කාලයේ කුඩා ඒකාංගික ටෙලි නිර්මාන කිහිපයකට දායක වීමට මට ඉඩකඩ ලැබුනා. නමුත් මාගේ ටෙලිනාට්‍ය කැමරාකරණය සන්ධිස්ථාන වන්නේ සුසීමා ටෙලිනාට්‍යයයි.  සුසීමා ටෙලිනාට්‍ය ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ යම් සලකුණක තබන ලද ටෙලි නිර්මානයක් වුනා. එයින් පසුව ලංකාවේ තරුණයන් අතර කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති

බවට තොරතුරු වාර්තා වුනා. රොහාන් වැලිවිට සුසීමා ටෙලිනාට්‍යයේ සංගීතය සඳහා ප්‍රවීණ සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධන මහතා සම්බන්ධ කර ගැනීම හේතුවෙන් සුසීමා ටෙලිනාට්‍ය අද පවා ජනතා ප්‍රාසාදයට භාජනය වීමට හේතුවක් වුනා. ඊට පෙර ටෙලිනාට්‍යයක සින්දු කැමරාගත කිරීම අත්දැකීමක් නොතිබුනු බව සුසීමා ටෙලිනාට්‍යයේ ගීත කැමරා ගත කිරිම නැවුම් අත්දැකීමක් වුනා. එය බව දැනෙන උපරිමයෙන් ඉටු කිරිම හේතුවෙන් අදටත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. සුසීමා ටෙලිනාට්‍යයට පාදක වු චිත්‍ර කථාවට සාධාරණයක් සිදු වුනා වගේම තරුණ හදවත් වල සංගීතය පිළිබඳ ටෙලිනාට්‍ය කලාව පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක්ද මෙයින් ලබා දෙන්න හැකි වුනා. එය අප කණ්ඩායම් ලෙස ලැබු ජයක් ලෙසයි දකින්නේ. ඉන් අනතුරුව බර්ට්‍රම් නිහාල් සමග  “රුපියල සත”  ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කළා. “රුපියල සත”  ටෙලි නාට්‍යයේ කැමරාකරණය යම් ප්‍රමාණයක අභියෝගයක් වුනා.  ඉන් අනතුරුව බර්ට්‍රම් සමග  “කඩවර”  ටෙලිනාට්‍යයට සම්බන්ධ වුනා.  මේ ටෙලිනාට්‍යය මට ඉතාම වැදගත් අධ්‍යයනයක් වුනා. අශෝක හඳගමගේ  “දිය කැට පහන”,  “සින්තටික් සිහිනය”  වැනි ටෙලිනාට්‍යය වලට කැමරාකරණයෙන් දායක වෙන්න අවස්ථාව සැලසුනා. “දිය කැට පහන” ටෙලිනාට්‍ය ප්‍රචාරණය වීමත් සමග චන්න දේශප්‍රිය කියන කැමරා ශිල්පියා ගැනත් මාධ්‍ය හරහා කථා බහ කරන්නට පටන් ගත්ත.

අශෝක හඳගමගේ    “දිය කැට පහන” ප්‍රේෂක ආකර්ෂණය දිනාගත් ටෙලිනාට්‍යයක් වුනා. කැමරා ශිල්පියාට හැකිවන්නේ අධ්‍යක්‍ෂකවරයාගේ අදහස තීව්ර කරන්න ගැලපෙනම රූපය ලබා දෙන්නයි. අශෝක හඳගම අධ්‍යක්‍ෂකවරයෙක් හැටියට දක්වන කුසලතාවය  “දිය කැට පහන” ප්‍රේෂකයා අතර කථාබහට ලක්වු ටෙලිනාට්‍යයක් වුනා.  හොඳ අධ්‍යක්‍ෂකවරයෙකුට සමාජ අත්දැකීම් තියනවා.  ඔහු ඒවා නිර්මාණයේදී රූපය නිසි පරිදි ලබා දෙනවා.ඒ තුලින් නිර්මාණය ප්‍රේෂක හදවතට සමීප වෙනවා.

මට බොහෝ උදව් උපකාර කළා. ඒ කාලේ ටෙලිවිෂන් පිළිබඳ හෝ කැමරාකරණය පිළිබඳ පාඨමාලා තිබුනේ නැහැ. අපට ගුරුහරුකම් ගැනීමට තිබූ එකම මාර්ගය වුනේ ප්‍රවීනයන්ගෙන් ලබා ගන්නා ගුරුහරුකම් හා මගපෙන්වීම් පමණයි. ඒ ප්‍රවීනයන් යටතේ සහය කැමරා ශීල්පීයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව මට ලැබුන. විලි බ්ලේක් , ඇන්ඩෲ ජයමාන්න, ඩොනල්ඞ් කරුණාරත්න, නෝබට් රත්නසිරි, සුමින්ද වීරසිංහ වැනි ප්‍රවීනයන් සමග සහාය කැමරා ශිල්පියෙකු ලෙස  වැඩ කරන්න ලැබීම අපූරු අවස්ථාවක් වුනේ මුල් කාලේ මෙවැනි සිනමාකරණය ප්‍රවීන කැමරා ශිල්පීන් සමග සුරබිදෙන  සිරිමැදුර”  වැනි චිත‍්‍රපටිවල වැඩකිරීමේ හැකියාව ඇති වූ නිසා සුමින්ද වීරසිංහ සමග තමයි මා වැඩියෙන් සම්බන්ධවී වැඩකටයුතු කළේ. මා සිනමා රූපය දැන හඳුනා ගත්තේ එහෙම ගමනක් සමගයි.

රූපවාහිණී ටෙලි නාට්‍යවලට සම්බන්ධ වීමට පසුබිමක් ඇති මුල් කාලයේ කුඩා ඒකාංගික ටෙලි නිර්මාන කිහිපයකට දායක වීමට මට ඉඩකඩ ලැබුනා. නමුත් මාගේ ටෙලිනාට්‍ය කැමරාකරණය සංධිස්ථානය වන්නේ සුසීමා ටෙලිනාට්‍යයයි.  සුසීමා ටෙලිනාට්‍ය ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ යම් සලකුණක තබන ලද ටෙලි නිර්මානයක් වුනා. එයින් පසුව ලංකාවේ තරුණයන් අතර කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති

බවට තොරතුරු වාර්තා වුනා. රොහාන් වැලිවිට සුසීමා ටෙලිනාට්‍යයේ සංගීතය සඳහා ප්‍රවීණ සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධන මහතා සම්බන්ධ කර ගැනීම හේතුවෙන් සුසීමා ටෙලිනාට්‍ය අද පවා ජනතා ප්‍රසාදයට භාජනය වීමට හේතුවක් වුනා. ඊට පෙර ටෙලිනාට්‍යයක සින්දු කැමරාගත කිරීම අත්දැකීමක් නොතිබුනු බව සුසීමා ටෙලිනාට්‍යයේ ගීත කැමරා ගත කිරිම නැවුම් අත්දැකීමක් වුනා. එය බව දැනෙන උපරිමයෙන් ඉටු කිරිම හේතුවෙන් අදටත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. සුසීමා ටෙලිනාට්‍යයට පාදක වු චිත්‍රකථාවට සාධාරණයක් සිදු වුනා වගේම තරුණ හදවත් වල සංගීතය පිළිබඳ ටෙලිනාට්‍ය කලාව පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක්ද මෙයින් ලබා දෙන්න හැකි වුනා. එය අප කණ්ඩායම් ලෙස ලැබු ජයක් ලෙසයි දකින්නේ. ඉන් අනතුරුව බෙට්‍රම් නිහාල් සමග  “රුපියල සත”  ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කළා. “රුපියල සත”   ටෙලි නාට්‍යයේ කැමරාකරණය යම් ප්‍රමාණයක අභියෝගයක් වුනා.  ඉන් අනතුරුව බෙට්‍රම් සමග  “කඩවර”  ටෙලිනාට්‍යයට සම්බන්ධ වුනා.  මේ ටෙලිනාට්‍යය මට ඉතාම වැදගත් අධ්‍යයනයක් වුනා. අශෝක හඳගමගේ  “දිය කැට පහන”,  “සින්තටික් සිහිනය”  වැනි ටෙලිනාට්‍යය වලට කැමරාකරණයෙන් දායක වෙන්න අවස්ථාව සැලසුනා.   “දිය කැට පහන” ටෙලිනාට්‍ය ප්‍රචාරණය වීමත් සමග චන්න දේශප්‍රිය කියන කැමරා ශිල්පියා ගැනත් මාධ්‍ය හරහා කථා බහ කරන්නට පටන් ගත්ත.

අශෝක හඳගමගේ    “දිය කැට පහන” ප්‍රේෂක ආකර්ෂණය දිනාගත් ටෙලිනාට්‍යයක් වුනා. කැමරා ශිල්පියාට හැකිවන්නේ අධ්‍යක්‍ෂකවරයාගේ අදහස තීව්ර කරන්න ගැලපෙනම රූපය ලබා දෙන්නයි. අශෝක හඳගම අධ්‍යක්‍ෂකවරයෙක් හැටියට දක්වන කුසලතාවය  “දිය කැට පහන” ප්‍රේෂකයා අතර කථාබහට ලක්වු ටෙලිනාට්‍යයක් වුනා.  හොඳ අධ්‍යක්‍ෂකවරයෙකුට සමාජ අත්දැකීම් තියනවා.  ඔහු ඒවා නිර්මාණයේදී රූපය නිසි පරිදි ලබා දෙනවා.ඒ තුලින් නිර්මාණය ප්‍රේෂක හදවතට සමීප වෙනවා.

ඔබේ සිනමා දායකත්වය මොන වගේද?
අශෝක හඳගම සමග  “මේ මගේ සඳයි” චිත්‍රරපටය හරහාම සිනමා මාධ්‍යයට පැමිණෙනව.

“මේ මගේ සඳයි”  ච්ත්‍රපට ලාංකික සිනමාවේ හොඳ හෝ නරක යම් සංධිස්ථානයක් සටහන් කරන ලද චිත්‍රරපටයක්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමාවේ පළමු හැරවුම කළ බවත් දෙවන හැරවුම ධර්මසේන පතිරාජගෙන් සිදු වු බවත්  වසන්ත ඔබේසේකර එහි තුන්වන හැරවුම ධර්මසිරි බණ්ඩාරණායකගෙනුත් එහි හතරවන හැරවුම අශෝක හඳගම ගෙනුත් සිදු වු බව බොහෝ විචාරකයින් මත පල කරනවා.

විචාරකයින් ඒ ආකාරයට අශෝක හඳගම හඳුන්වා දෙන්න පෙළඹුනේ ඔහුගේ ” මගේ සඳයි “චිත්‍රරපටය නිසයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවා අශෝක හඳගමගේ නිර්මාණකරණය පිළිබඳ ඉතා පැහැචිත්‍රරපටයවල කැමරා ශිල්පියා ලෙස මා කටයුතු කළා. විමුක්ති ජයසුන්දර සමඟ ඔහුගේ පළමු සිනමා නිර්මාණය වන “සුළඟ එනු පිණිස” මෙන්ම “අහසින් වැටෙයි ” සිනමා නිර්මාණයන්ට මා දායක වී තියෙනවා. මේ නිර්මාණවලට අමතර ප්‍රේෂක ප්‍රතිචාර ලැබුණු සෝමරත්න දිසානායකගේ “සූරිය අරණ” බෙනට් රත්නායකගේ “අස් වැසුම” ඉනෝකා සත්‍යංගනිගේ “සුළං කිරිල්ලී” සුනිල් ආරියරත්නගේ “කුස පබා”, “පත්තිනි” , “අලි කතාව” හා “යශෝදරා” වැනි චිත‍්‍රපටවලට දායක වීමට අවස්ථාව ලැබුණා. මේ වන විට සිනමා නිර්මාණ 25 ට ආසන්න ප්‍රමාණයක කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන්න හැකියාව මට ලැබී තියෙනවා. ඒ නිර්මාණ අතරින් ප්‍රේෂක ආකර්ශනය තදින්ම ලබා ගත් නිර්මාණ මෙන්ම ප්‍රේෂක ප්‍රතිචාර දුර්වල වු නිර්මාණයන් ද තියෙනවා.

ච්ත්‍රපටි අධ්‍යක්‍ෂවරයා හා කැමරා ශිල්පියා අතර සම්බන්ධය මොන වගේ ද?
ච්ත්‍රපටිපටයක අධ්‍යක්‍ෂවරයා හා කැමරා ශිල්පියා අතර හොඳ අවබෝධයක්, දැන හැඳින ගැනීමක් තියෙන්න  ඕනේ. අපේ ච්ත්‍රපටි කර්මාන්තය පුරාම ච්ත්‍රපටිපට අධ්‍යක්‍ෂවරුන් හා කැමරා ශිල්පින් යම් කණ්ඩායමක් ලෙස සිනමා නිර්මාණ කීපයකටම දායක වී ඇති අවස්ථා තියෙනවා. උදාහරණයක් ලෙස ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා සමඟ මුල් කාලීනව සිනමා නිර්මාණ කීපයකම කැමරා අධ්‍යක්‍ෂවරයා වුනේ විලි බ්ලේන්. ධර්මසේන පතිරාජ සමඟ කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස ඩොනල්ඞ් කරුණාරත්න කටයුතු කළා.ඒ වගේම අශෝක හඳගම සමඟ චිත්‍රරපටය කීපයකම මා වැඩ කටයුතු කළා. ලාංකීය සිනමාවේ යම් හැරවුම් ලක්‍ෂයක් සහිත නිර්මාණ බිහි වීමේ දී මෙවැනි කණ්ඩායමක හෝ දායකත්වය අපට දැකිය හැකි වෙනවා. ලංකාවේ සිනමා නිර්මාණ ඇතුලේ බොහෝ විට මේ කණ්ඩායම් ලක්‍ෂණය දැකිය හැකි වෙන බවයි මගේ අදහස. ඉන්දියාවේ පවා මේ ලක්‍ෂණ සිනමාවේ වේදිකාවේ දකින්නට හැකි වෙනවා. කාලයක් යන විට ඒ කණ්ඩායම කැඩෙන්නත් පුළුවන්. කණ්ඩායමකට යෑමට පුළුවන් දුරක් තියෙන්න පුළුවන්. ඉන් අනතුරුව එය පිපිරෙන්න ඉඩ කඩ තිබෙනවා. මෙය  ඕනෑම දෙයක පොදු ලක්‍ෂණයක්. හැබැයි චිත්‍රරපටයක අධ්‍යක්‍ෂවරයා කැමරා ශිල්පියා සමඟත් අනිකුත් කාර්යයන් කරන පිරිස අතරත් හොඳ කණ්ඩායම් හැඟීමක්, හැසිරීමක් තිබීම සාර්ථක නිර්මාණයකට පසුබිම සැකසීමක් වෙනවා.

ලෝක සිනමාවේ තාක්‍ෂණ සමඟ තරඟ කිරිමේ හැකියාවක් හා දැනුමක් අපට ඇත්තේ නැහැ. නමුත් අපට කරන්න පුලූවන් දේ උපරිම ගුණාත්මක මට්ටමකින් ඉදිරිපත් කිරීම අප සතු වගකීමක්. ඒ සඳහා හොඳ අවබෝධයකින් යුතු කණ්ඩායමකගේ අවශ්‍යතාව අනිවාර්යයෙන්ම දැනෙන දෙයක්. පසුගිය පරම්පරාවේ දැනුම අප පරිශිලනය කර බලන්න වෙනවා. අන්තර්ජාලය අත පත ගාපු පමණින් අපගේ අය නිර්මාණ කරන්න යාම හොඳ දෙයක් වෙන්නේ නැහැ. කර්මාන්තයක් හැටියට සිනමාවට එන පිරිස වැඩි වන පමණට ම එය ඉදිරියට යන්නේ නැහැ. එන පිරිසගේ මේ ක්ෂේතරය පිළිබඳ දරන ආකල්ප, අදහස් හා ඔවුන්ගේ දැනුම අවබෝධයත් මේ සඳහා වැදගත් වෙනවා. මේ කිසිම දෙයක් කරන්න බැහැ යහපත් මනුස්සයෙක් නොවන කෙනෙකුට.

පොදු ප්‍රේෂකයා බලාපොරොත්තු වන සුන්දර පින්තූරය ලබා දීම කැමරා ශිල්පියෙකුට අභියෝගයක් නේද?
ප්‍රේෂකයා දකින්න කැමැති සුන්දර රූපය හා ඒ නිර්මාණයේ අදාල අවස්ථාවට ගැලපෙන රූපය තෝරා බේරාගෙන ඉදිරිපත් කිරීම කැමරා ශිල්පියාට ඇති ප්‍රබලතම අභියෝගයක්. ලෝක මට්ටමෙන් මේ ගැන බලන විට සිනමා කැමරා ශිල්පියාගේ වගකීම ලස්සන රූප මවන එක  නොවන බව පෙනී යන දෙයක්. නිර්මාණයට අවශ්‍ය වන රූපය ( ගැලපෙන රූපය) ලබා දෙන එක ගැනත් බොහෝ විචාරකයින් විවිධ මත පල කරනවා. ජන මතය තුල සුන්දර පින්තූරය ගැන කතාබහක් තිබුණට සිනමාව කියන්නේ ම සුන්දර පින්තූරයට එහා ගිය වැඩක්. මේක තේරුම් ගැනීම අද වන විටත් ප්‍රශ්නයක් වී තිබෙනවා. රූපයේ සුන්දරත්වය යන්න හරියාකාර ව තේරුම් ගන්න පුළුවන් ද? එය විවිධයි.

ඵෙතිහාසික සිනමා රැල්ල සමඟත් මේ ප්‍රශ්නයක් ඉදිරියට පැමිණෙනවා. එහි දී පවා කැමරා ශිල්පියෙක්ගෙන් විය යුත්තේ නිර්මාණයට ගැලපෙන රූපය ලබා දීම යි. සුන්දර රූපය සොයන ප්‍රේෂකෂකයාට කාලයත් සමඟ සිනමාව පිළිබඳ අවබෝධය තුලින් රූපය පිළිබඳ තම අදහස් නිවැරදි කර ගන්න හැකි විය යුතු බවය මගේ අදහස.

–  ලංකා මාගම්මන –