බොලිවුඩ්වල ”Mr. Perfectionist ” ඒ කියන්නේ සුපරි නළු අමීර් ඛාන්ට පුරුද්දක් තිබුනා තමන් සමඟ රඟපාන සහෝදර නිළියන්ගේ අත බලන එක. මුලින්ම ඒ ගැන අත්දැකීමක් නැති අයට ඔහු කියන්නේ අත බලල අනාවැකි කියනවා කියලයි. නමුත් ඇත්තටම වෙන්නේ වෙනම දෙයක්. ඔහු ඒ නිළියන්ගේ අතට කෙළ පිඩක් ගසනවලු. අමීර් එහෙම කරලා ජනප්‍රිය නිළියන්ගෙන් ගුටිත් කලා තියෙනවා. ඒ හැමදෙයක්ම විහිළු කාගෙවත් ඇස් රතු නොවුණ. ඒ අත්දැකීම ලබාගත් ජනප්‍රිය නිළියන් අතර මධුරි ඩික්සිත්, ජුහි චව්ලා වගේ අයත් ඉන්නවා. එක්තරා රූපවාහිනී වැඩසටහනකදී කරන් ජොහාර්, අමීර්ගෙන් අහනවා එහෙම කළ නිළියන් අතර ශ්‍රී දේවිත් ඉන්නවද කියලා. අමීර් කරන් ගෙන් අහනවා මට පිස්සුද ඇයත් එක්ක එහෙම විහිළු කරන්න කියලා. අමීර් ගොඩක් ප්‍රීතියෙන් කරන මේ දෙයින් ඒ නිළියන්ට බොලි වුඩ්වල ජනප්‍රිය නිළියක් වෙන්න පුළුවන් කියල මතයකුත් හැදීලා තියනවා. මේ ගැන නැවත කතා බහක් ඇතිවුනේ Jo Jeetha Wohi Sikandar චිත්‍රපටය අවුරුදු 24 කට පසුව යළි ප්‍රදර්ශනය කරපු අවස්තවකදී . Pooja Bedi කියන ජනප්‍රිය නිළිය තමන්ගේ දුවට කියල තිබුණා අමීර් මාමට කියල අතට කෙල ගසාගෙන
බලන්න කියලා. ඒ ඇයත් බොලිවුඩයේ ජනප්‍රිය නිළියක් වෙයි කියන බලාපොරොත්තුවෙන්. කොහොම වුනත් Jo Jeetha Wohi Sikandar චිත්‍රපටය කරලා පවත්වපු ඒ සුහද හමුවේදී ඒ ගත වන අවුරුදු 24 කාලය තුළ තමන් විවාහ වෙලා නැවතත් විවාහ වුණා කියලා බොහොම සතුටින් ප්‍රකාශ කළ අමිර්ගේ අලූත්ම. චිත්‍රපටය Dangal මේ දවස්වල සාර්ථකව තිරගත වෙනවා
අමීර් කියන්නේ බොලිවුඩයේ විශිෂ්ටෙයක්. ඒ නිසා ඔහුගේ අමතක නොවන රංගනයනක් දැක ගන්නට නැවතත් අපට හැකිවේවී.