Kollywood සිනමාවේ super hero රැජිනි කාන්ත් මේ වන විට bollywood සිනමාවටද අවතීර්ණ වී හමාරය.ඔහු විසින් ප්‍රධාන චරිතය රග දැක්වූ robot සිනමා පටය බොලිවුඩය තුළ මෙන්ම එන්දිරන් නමින් කොලිවුඩය තුළද ඉතා ජනප්‍රිය විය.එම සිනමා ඔඅටයේ දෙවන කොටස ලෙස අලුත් සිනමා පටයක් නිර්මාණය වී ඇත.එය නම්කර ඇත්තේ 2.0 ලෙසයි.මෙහි විශේෂත්වය බවට පත්වන්නේ රැජිනි කාන්ත්ගේ ප්‍රතිවීරයා ලෙස bollywood සිනමාවේ සුපිරි තරුවක් වන ආක්ශේ කුමාර් රංගනයෙන් දායක වීමයි.මෙහි තේමාව විද්‍යා ප්‍රබන්ධ ඝනයට වැටෙයි.ශන්කර් ෂන්මුගන් විසින් අධ්‍යක්ෂණය කරන මෙම සිනමා පටය එහි පළවන නිෂ්පාදනයටත් වැඩියෙන් ප්‍රේක්ෂකයින් වැළද ගන්නවාට සැකයක් නැත.