Salman Khan & Luila Vanturta – සල්මන්ගේ සුදු පෙම්වතිය හින්දි ගී ගායනයට….

පෙම්වතියන් ගැන සුපිරි පුවත් 90 දශකයේ සිටම මවපු සුපිරි නළු සල්මන් ඛාන් තමන්ගේ වෘත්තීය ජීවිතය වගේම වෙන කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය හැඩ කරන්න ලොකු වෙහෙසක් දරනවා කියල ආරංචියි. සුරූපී පෙම්වතියන් කිහිප දෙනෙක්ගෙන් වෙන්වුණාට පස්සේ සලමන් දැන් පෙම්කරන්නේ Luila Vanturta ට කියන එක රහසක් නොවේ. 50 හැවිරිදි සල්මන්, තමන්ගේ Galaxy Apartment එකේදී Luila ට පළමු ගායන අවස්ථාව ලබාදුන්නා. ඒ සුල්තාන් චිත්‍රපටයේ Baby Ko Bass Pasand Hai කියන ගීතය Remake කරද්දී. පසුගිය නොවැම්බරයේදී Luila තමන්ගේ Hinglish ගීතය පටිගත කළා Every Night and Bollywood Secrets Day Just You and Me නමින්. එම අවස්ථාව ඇයට ලැබුණේ සල්මන් සංගීත අධ්‍යක්ෂක Himesh Reshmmiya ට කරපු ඉල්ලීමක් නිසයි. මේ දවස්වල Luila තමන්ගේ Music Video එකට සුදානම් වෙනවා. එකට උදව් කරන්නේ සල්මන් කියලයි ආරංචිය. ඔහු සමඟ නිතර දෙවේලේ Dancing Acadamy එකේ ඉන්නවා බොහෝ දෙනෙක් දැකලා තියෙනවා. ඇය හැමදාම පුහුණුවීම්වලට එනවා. සල්මන් සවස 4.30 විතර ගෙනත් ඇරලනවා. නැටුම් ගැන බලනවා. ආපසු යන්නේ 5.30 විතර. ඒ ගැන දන්නා අය කියන්නේ එහෙමයි. Luila හින්දියෙන් ගීත ගායනා කරන්න පටන් අරන් දැනට මාස 8 ක් විතර වෙනවා. ඇයට අවශ්‍ය වෘත්තීමය ගායිකාවක් වන්න. ඔවුන් වැඩි දුරටත් එහෙම කිවේ ලොකු බලපොරොතුවක් ඇතිව. කොහොම වුනත් Luila වෘත්තීය ජීවිතයෙන් ඉහලට යද්දී කවුරුත ආදරය කරන බොලිවුඩයේ හැඩකාරයා සල්මන් මේ පෙම් කතාවවත් කසාදයකින් කෙළවර කර ගනීද කියන එක ගැන නම් හැමෝම ඉන්නේ බලාගෙන.