Dicaprio & Trump අලූත් රංගනයක

ඇමෙරිකා එක්සත් ජනපදයට අලූතෙන් තෝරා ගත් ජනාධිපති Donald Trump හමුවන්නට නොයෙකුත් අමුත්තෝ වැල නොකැඩී එන කාලයක් ගත වෙන්නේ. ඒ විදිහට එන අමුත්තන් අතරේ Terry Tamminen, Dicaprio පදනමේ ප්‍රධාන විධායක නිලධාරී එක්ක බොහොම ජනප්‍රිය කෙනෙක් පැමිණියා . ඒ වෙන කවුරුවත් නෙවෙයි සුපිරි හොලිවුඩ් නළු Leonardo Dicaprio . පළවුණු මාධ්‍ය වාර්තාවලට අනුව නම් Dicaprio සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරීතුමත් Trump සමඟ පැයක පමණ කාලයක් සාකච්චා කල බවත්, එයට Trump, ඔහුගේ දියණිය Ivanka සහTrump ගේ කණ්ඩායමත් සහභාගි වෙලා තියෙනවා. මේ හමුවීමේ අරමුණ වෙනස් වන දේශගුණ හා පාරිසරික සාධක ඇමෙරිකාවේ ආර්ථීකයට දායක කරගැනීම පිළිබද විශේෂ සැලසුමක් හදුන්වදීමයි . 42 හැවිරිදි Dicaprio ගේ Live by night චිත්‍රපටය දෙසැම්බර් 25 තිරගත වුණා. එයට හොලිවුඩ්වල Ben Affleck සහ Ellle Fanning දායක වුනා. මේ කටයුතු එහෙම සිදු වෙද්දී මේ ජනප්‍රිය නළුවා තමන්ගේ Los Angeles වල තිබුණු එක නිවසක් ඇ.ඩො.මි 2.237 මිලකට අලෙවි කළා. ඒ විතරක් නෙවෙයි, Malibu වල තිඛෙන තවත් නිවහනක් විකුණා දමන්න සුදානම් . එක පැත්තකින් තමන්ගේ නිවාස විකුණමින්, තවත් පැත්තකින් Trump ගේ රජයට සැලසුම් දෙමින් Dicaprio කරන මේ අලූත්ම රංගනය ගැන දැන ගන්නට වෙන්නේ තවත් ටික කාලයක්  ගියාට පස්සෙයි. අපි ඒ ගැන ඒ කාලේදී කතා කරමු.