Helicopter eela.

කාජල් කියන්නෙ bollywood වල එදා ඉදන්ම අද වෙනකල්ම ජනප්‍රිය තලයේ ඉහළින්ම ඉන්න සුරූපී නිළියක්.ඔන්න කාජල්ට ආදරේ කරන ඒවගේ හින්දි සිනමාවට අදරේ කරන රසික රසිකාවියන්ට කාජල් ප්‍රධාන චරිතය රග දක්වන චිත්‍රපටයක් ඔක්තොම්බර් මාසෙදී නරබන්න පුලුවන්.ඒ චිත්‍රපටියේ නම තමා helicopter eela.තම සැමියාගෙන් දික්කසාද වූ කාන්තාවක් නැවත උපාධියක් සදහා පාසල් යන ආකාරයේ කතා තේමාවක් පදනම් කරගෙන මෙම සිනමා පටය ගොඩ නැගී ඇත.ඇය ඒ සදහා ඇතුළත් වන්නේ තම පුතා ඉගෙන ගන්නා පාසලටම වීමද මෙම කතාව රසවත් වීමට තවත් හේතුවකි.නමුත් ඊට සමානම කතා පුවතක් hollywood සිනමාවේ life of the party ලෙසින් නිර්මාණය වී ඇත.මෙම සිනමා පටයේ නිෂ්පාදකයා බවට පත්වන්නේ කාජල්ගේ ආදරණීය සැමියා වන අජේ දේව්ගන්ය.අධ්‍යක්ෂකවරයා වන්නේ ප්‍රදීප් සර්හාන්ය.කාජල්ට අමතරව රිද්දි සෙන්,අමිතාබ් බච්චන්,නේහා දූපියා යන අයද එහි රංගනයෙන් දායක වෙයි.හාස්‍යය මුසු තේමාවක් ඔස්සේ ගලායන මෙම සිනමා පටය ඉංදීයාවේ මෙන්ම ලොව වටා ප්‍රේක්ෂකයින් ඉතා අදරයෙන් වැළද ගන්නවාටනම් සැකයක් නැත.