කොහොමද යුරේනි මේ දවස්වල මොකද කරන්නේ?
ඉතාම හොඳින් කාර්යබහුල Life එකක් ගතකරනවා. හිරු Mega Star එකට තමා වැඩි පුර කාලය යොදවලා තියෙන්නේ.

කොහොමද ලැඛෙන Comments?
ඉතාම හොඳයි. Young Set එකක් ඉන්නේ අපේ Team එකේ. ඉතින් හොඳ Comment’s තමා වැඩිපුරම ලැඛෙන්නේ.

මේ ඔබේ කීවෙනි Reality අත්දැකීම ද ?
මේ දෙවැනි එක. මුලින්ම සිරස Dancing Star ඊට පස්සේ අවුරුදු 9කට පස්සේ මේ හිරු Mega Star.

යුරේනි Stage Drama වලට සම්බන්ධ වෙන්න ආස නැද්ද?
මම හරිම කැමැතියි. මට වේදිකාවට ලැඛෙන ආරාධනා නම් අඩුයි. හැබැයි හොඳ Stage Drama එකකින් කතා කළොත් මම භාර ගන්නවා.

Fashion ගැන කතා කලොත්?
මම හරි ආසයි Fashion කරන්න. ලස්සනට අඳින්න.

Fashion කරන්න කලින් යුරේනි වැඩිපුරම හිතන්නේ මොනවද ?
හ්ම්… මම ඉතින් අනිවාර්යෙන්ම පහසුව බලනවා. ඒ වගේම ඒ Fashion එක මට ගැලපෙනවද කියලා බලනවා.

ආහාර පාලනය කරනවා ද යුරේනි ?
මෙහෙමයි මම හොඳට කනවා. එහෙම කෑම නොකා ඉන්නේ නම් නැහැ. හැබැයි මම Unhealthy ආහාරනම් ගන්නේ නැහැ.

රූපලාවන්‍ය ගැන කතා කළොත් ?
මම අඩුවෙන්ම කරන දෙයක් තමා Salon යන එක නම්. Manicure & Pedicure එකක් කරන්න නම් Salon  යනවා.

මෙතෙක් රගපෑ චරිත අතරේ කැමතිම චරිතය ?
මගේ මුල්ම Drama එක කිඳුරංගනා හි සංජු කියන චරිතය.

සිනමාවට ආරාධනා අඩුයි ද ?
නැහැ. ආරාධනා නම් ලැඛෙනවා. නමුත් මගේ Price එක කිව්වම ඒ අය දුවනවා.

ඒ කියන්නේ යුරේනි ලොකු මුදලක් අය කරනවා?
එහෙමත් නැහැ. හැබැයි මම හිතන්නේ තමන්ගේ Demand එක තමන් දන්නවා නම් මිලක් කියන්න බය වෙන්න ඕනේ නැහැ. මම Films මෙච්චරක හිටියා කියන්න Act කරන්න ඕනේ නැහැ.

ආදරය ගැන හිතන්නේ කොහොමද?
ඉතාම සුන්දර දෙයක්. හරි කෙනා ලැබුනොත්  හොදයි නැත්නම්  Sorry.com තමා.

කොහොම කෙනෙක්ද හොයන්නේ?
හැම Girl කෙනෙක් වගේම මමත් බාහිර පෙනුම ගැනත් හිතනවා. නමුත් මේ ලෝකෙම ඉන්න ලස්සන කෙනා වුනත් මට ලැබුණේ එයාගේ ගතිගුණ හොඳ නැත්නම් මම ඉතින් Tata Bye   කියාවි.

විවේකයක් ලැබුණම මොකද කරන්නේ?
හ්ම්… වැඩිපුරම ඉන්නේ ජිම් එකේ තමා. ඒ වගේම ගෙදරට වෙලා සැහැල්ලූවෙන් Film එකක් බලනව නැත්නම් පොතක් කියවනවා.

එතකොට යුරේනිගේ Dreams මොනවද?
මගේ මේ ජීවිතේ මාව ජීවත් කරන්නේ Dreams තමා. මම හිතන්නේ Dreams එකක් නැත්නම් Life එකේ කිසි go එකක් නැහැ. ඒ වගේම මගේ Dreams නිසා තමා යුරේනි කියන චරිතය මේ තරම් දුර ඇවිත් ඉන්නේ.
ඉතින් තව මගේ තියෙන Dreams ගැන මම කියනවට වඩා මම කැමැතියි
ඒවා Achieve කරලම පෙන්වන්න.

යුරේනි ගැන යුරේනිම හඳුන්වා දුන්නොත්?
හ්ම්… යුරේනි ගැන ගොඩක් දෙනා ගොඩක් කතා කියනවා. ඒ මම අඳින පළඳින විදියෙන් කතා කරන විදියෙන්. නමුත් මාව ළගින්ම ආශ්‍රය කරන අය දන්නවා මම කොහොම කෙනෙක් ද කියලා. බාහිරෙන් දකින යුරේනිට වඩා මගේ ඇතුලාන්තය හරි වෙනස්. හැබැයි මම සැහැල්ලූ චරිතයක්.