ප්‍රේමණීය මෙන්ම අනුවේදනීය කතා තේමාවක් රැගත් Kaabil චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් රිතික් රෝෂන් සහ යමී ගෞතම් රංගනයෙන් දායක වේ. අන්ධ පෙම්වතුන් යුවලක් ලෙස විශිෂ්ඨ රංගනයක නිරතවන රිතික් සහ යමී සිය අන්ධ බව පසෙකලා එකිනෙකා සමග විවාහ වේ. නමුත් එක්තරා අනපේක්ෂිත සිදුවීමක් නිසා ආදරයෙන් පිරුණ ඔවුන්ගේ ජීවිත කඳුලින් වැසී යන්නට වැඩි කාලයක් ගත වන්නේ නැත. චිත්‍රපටය පිළබඳ ඉන්දියාවේ NDTV නාලිකාව ඉදිරිපත් කල වැඩසටහනකදී ඊට සහභාගී වූ රිතික් රෝෂන් සඳහන් කලේ චිත්‍රපටය රූපගත කල කාලය පුරා යමී ගෞතම් සමග ඉතා සුන්දර කාලයක් ගත කළ බවයි.
වෙනස් වූ කතා තේමාවකට නිර්මාණය වූ Kaabil චිත්‍රපටය සංජය ගුප්තා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර මෙය රිතික් රෝෂන්ගේ පියා වන රාඛේෂ් රෝෂන්ගේ නිෂ්පාදනයකි.
දින 77 කින් සියලු රූපගත කිරීම් අවසන් කල Kaabil චිත්‍රපටය මේ දිනවල ඉන්දියාවේ ප්‍රදර්ශනය වෙයි.