හොලිවුඩයේ තවත් දික්කසාදයක් විවාහයකින් කෙලවර වීමේ සූදානමක් වාර්තා වෙනවා . මේ සිද්ධියට සම්බන්ධ දෙදෙනාම අතිශය ජනප්‍රිය නිසාම ඵ් ගැන වෙන කතාබහත් අතිශය වේගවත් ලෙස පැතිරෙනවා. අපි කියන්න යන්නේ වෙන කවුරුන් ගැනවත් නෙවෙයි. අපි කවුරුත් හොඳින්ම දන්නා කියන ඵ Mark Anthony සහ Jenniper Lopez ගැනයි.පසුගිය දවසක පැවතුන Latin Grammys වලදී මේ දෙන්න නැවත හමුවුණා විතරක් නෙවෙයි ඉතා උණුසුම්ව ආදරයෙන් සිපවැළද ගත්තා. වේදිකාව මත දී මේ දෙන්න එහෙම කරද්දී රසික යන්ගෙන් ලැබුණ ප්‍රතිචාරය ඉතා උණුසුම්. හැබැයි ඊට පස්සේ තමයි මේ කතාවේ හොදම හරිය ආරංචි වෙන්න පටන් ගත්තේ. Mark සහ Jenniper ගේ මේ හැසිරීම දැක්ක Mark ගේ බිරිද Shannon De Lime දෙවරක් නොසිතාම දෙවසරක විවාහ ජීවිතය හමාර කරනනට තීරණය කරලා. කෙසේ නමුත් ඇය මාධ්‍යට කිවේ ඒ ගැන දෙදෙනාම හොදින් සාකච්ඡා කරලා ඒ තීරණය ගත් බවයි. නොවැම්බර් 17 වැනිදා පවත්වපු Latin Grammys ප්‍රසංගය හමාර වෙලා සති දෙකකට පස්සේ දැක්ක Mark ගේ බිරිඳ Shannon මේ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කලා. මේ සිද්ධියෙන් පස්සේ Mark තමන්ගේ කලින් පෙම්වතිය Jenniper ගාවට සමීප වෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි කියලයි තතු දන්නෝ පවසන්නේ. ඒ ගැන තහවුරු  කරන නොයෙක් ඉඟිබිඟි මේ වන විටත්  ප්‍රසිද්ධ මාධ්‍යයට  රහසක් නෙවෙයි.

 

 

 

 

.