මම ඉස්සෙල්ලාම සිතාර් එකක් play කරන්නෙ 6 වසරෙදි ඇත්තටම ඒක අහම්බයක්.

කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ.

සාමාන්ය විදියට ජීවිතේ ගතවෙනව ඉතින්.

Music කියන තැනට පාර හැදුනෙ කොහොමද?

මම ඉස්සෙල්ලාම සිතාර් එකක් play කලේ හය වසරෙදි.ඒ උනාට ඒක අහබු සිදුවීමක්.මම කලින් කලේ චිත්ර.එක දවසක් ඒ ලෙවල් කරන අයියලා දෙන්නෙක් සිතාර් play කරන දිහා බලන් හිටිය.ඒක දැකල එයාලට සංගීතය උගන්වන සර් මට සිතාර් එක play කරන්න දුන්න.නෝට් ටික කියල දුන්නට පස්සෙ මම ඒක හරියටම play කලා.ඒක තමා මම ඉස්සෙල්ලාම සිතාර් එකක් play කරපු දවස.ඊට පස්සෙ ඒ සර් මට සිතාර් එක ගෙදර ගෙනියන්න දුන්න.එදා ඉදන් මම music ඉගෙන ගත්ත. ඕලෙවල් වෙනකොට මම විශාරද විභාහෙත් ඉවර කරල තිබුනෙ.

පවුලෙ කවුරු හරි music වලට සම්බන්දයිද.

නෑ අපේ පවුලෙ කවුරුත් music වලට සම්බන්ද නෑ.

Music composing කරන්න පටන් ගත්තෙ කොයි කාලෙද.

දහම් පාසලේ භක්ති ගීත තරග වලට ස්කෝලෙ සමස්ත ලංකා තරග වලට වගේ දේවල් වලට තමයි මම මුලින්ම orchestra  එක හදන එක music arrangement  එක කරනව වගේ වැඩ වලට සම්බන්ද උනේ.

ඔබ දැනට කැළනිය කැම්පස් එකේ lecture කෙනෙක් සම්බන්දය ගැනත් කිව්වොත්.

මම 2010 සෞන්දර්ය විශ්වවිද්යාලෙට ඇතුල් වෙනව.මම මගෙ උපාදිය ගන්නෙ 2015 දී ඊට පස්සෙ 2016 ජනවාරි මාසෙදි මාව සහය කතිකාචාර්ය කෙනෙක් විදියට කැළනිය campuse  එකට තෝර ගන්නව.එදා ඉදන් අද වෙනකල් ඉතින් වැඩ කරගෙන එනව.ඒ අතරෙ මම ළමයි එක්ක research  කරනව,සංගීත සංදර්ශන පවත්වනව.රිදීසර කියල සෝස් දෙකක් අපි කරල තියෙනව.ඕවගේ වැඩ ටිකක් ඉතින් කරගෙන යනව කැම්පස් එකේ.

ආලෝකෝ උදපාදි film එකට සම්බන්ද වෙන්නෙ කොහොමද?

ඇත්තටම ඒකත් අහබු සිදුවීමක්.සම්මු කියල කෙනෙක් ඉන්නව ඉන්දියාවෙ ගිහින් ඇක්ටින් ඉගෙනගෙන ආපු කෙනෙක්.එයාගෙ මාර්ගයෙන් තමා මට ඒකට සම්බන්ද වෙන්න ලැබෙන්නෙ.ආලෝකෝ උදපාදි film එක කරද්දි මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ හිටියෙ.දවසක් සම්මු එයාගේ යාලුවෙක්ව හොයාගෙන අපේ campuse  එකට ආව.ඒ වෙනකොට මම සිරසෙ ගියපු කවීතා ටැලන්ට් එකේ first place එක අරගෙන තිබුනෙ ඒකෙ පෝස්ටර් එකක් campuse එකේ ගහල තිබුන. සම්මු ඒක දැකල මාගෙන් ඇහුව ඔයාද මේ කියල.ඊට පස්සෙ ඒ ඇති වෙච්ච කතාබහ ඇතුලෙ සම්මු මාව චත්ර වීරමන් හම්බවෙන්න එක්කන් යනව.ඒ කට්ටියත් එක්ක කතා කරල අවසානෙට මගෙ  මියුසික් කැෆෑසිටි එකත් එක්ක බලල චත්ර මාව එයාගෙ ෆිල්ම් එකේ music directer  විදියට තෝර ගන්නව.ඒක තමා මම මුලින්ම music කරපු film එක.

ආලෝකෝ උදපාදි ෆිල්ම් එකට ඔබට සම්මානයක් හම්බ වෙනව නේද?

ඔව් දෙරණෙ සිනමා සම්මාන උළලෙදි හොදම music directer  විදියට මට සම්මානයක් ලැබෙනව.

ටෙලි නාට්යය වලට සම්බන්ද වෙලා තියෙනවද?

ඔව් itn එකේ විකාශය වුනු විසූවියස් කදු පාමුල කියන tele drama එකේ සංගීතය අධ්යක්ෂනය කලේ මම.

ඔබ කැමතිම මියුසීසියන් කවුද?

මෙහෙමයි.perfomer කෙනෙක් විදියට මම වැඩියෙන්ම කැමති ක්ලැරන්ස් විජේවර්ධනට.සිනමාව පැත්තෙන් ගත්තාමනම් කැමති ප්රේමසිරි කේමදාසයන්ට.මට මියුසික් වලට මෝටිවේශන් එකක් ලැබුනෙ ඔහුගෙ නිර්මාණත් එක්ක තමයි.ඒ වගේම  දකුණු ඉන්දියාවෙ ඉලයරාජාට කැමති.රහුමාන්ගෙත් පරණ music වලට කැමති.බටහිර සංගීතය පැත්තෙන් ගත්තාමනම් ජේම්ස් වෝනර්ගෙයි,හාන්ස් සිමර්ගෙයි music වලට තමා ගොඩක්ම කැමති.

ඔබේ කැමතිම සංගීත සම්ප්රදාය මොකක්ද?

මම කැමතිම සංගීත සම්ප්රධාය කියල එකක් නෑ.ඇත්තටම මම සංගීත රචකයෙක් විදියට එහෙම එක රාමුවක් ඇතුළට කොටු වෙන්න බෑ.මම හැම සංගීත සම්ප්රධායක් ගැනම හොයනව ඒව රසවිදිනව.

රැප් හිපොප් සංගීතය පිළිබදව ලොකු කතාබහක් මේ වෙනකොට අපේ රටේ තියෙනව.ගොඩක්ම වැඩිහිටි පරම්පරාවෙන් මේ කලාව පිළිබදව ලොකු දෝෂාරෝපනයක් එල්ල වෙනව.ඔබ මේ පිළිබදව කොහොම අදහසක්ද දරන්නෙ.

ඒක බැහැර කරන්න ඕනෙ කලාවක් නෙමෙයි.ඒකත් අමුතු ආර්ට් එකක්.බටහිර සිනමාව පැත්තෙන් ගත්තාම රැප් හිපොප් සංගීතයෙන් ලොකු වැඩක් ගන්නව.අපේ රටේ තවම ඒ මට්ටමේ සංගීතයක් එක්ක සම්බන්ද වෙන්න තරම් නිර්මාන බිහි වෙලා නෑ.එහෙම නැතිව ඒක ඒ කාලව ඇතිලෙ තියෙන ප්‍රශ්ණක් නෙමෙයි.

තරුණයෙක් විදියට ලංකාවෙ මේ වෙනකොට පවතින සංගීතය පිළිබදව කොහොම අදහසක්ද දරන්නෙ.

හැමෝම කියන්නෙ ලංකාවෙ සංගීතය තියෙන්නෙ පරිහානියට පත් උන තැනක කියල.ඒ උනාට මගෙ අදහසනම් පරිහානිට වඩා දියුණුවක් තියෙන්නෙ.පරිහානිය කියන්නෙ මාධ්යය විසින් හදපු එකක්.අලුත් පරම්පරාව ඇතුලෙ හොද සංගීතය හොයාගෙන යෑමක් සහ හොද නිර්මාණ බිහි වෙනව.නව තාක්ෂනයත් එක්ක වගේම විවිධ සංගීත සම්ප්රධායන් හොයාගෙන ගිහිල්ල ඒ ඔස්සේ නිර්මාන කරන්න ගොඩක් අය උත්සහ කරනව.සිනමාව පැත්තෙන් ගත්තහමනම් තව සංගීතය කියන දේ දියුණු වෙන්න ඕනෙ තැනක තියෙන්නෙ.

ඉස්සරහට සම්බන්ද වෙන්න තියෙන නිර්මාණ ගැනත් පොඩ්ඩක් මතක් කලොත්?

චත්ර අලුත් film එකක් කරගෙන යනව ආයුකියල.ඒකෙ සංගීත අධ්යක්ෂකවරයා විදියට වැඩ කරන්නෙ මම.ඒ වගේම තව සිනමා නිර්මාණ දෙකකට ආරාධානා ලැබිල තියෙනව.

අනාගතේ මොනවගේ තැනකට යන්නද බලාපොරොත්තු වෙන්නෙ.?

සංගීතය පැත්තෙන්ම ඉස්සරහට යන්න තමා මගෙ බලාපොරොත්තිව.අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණක් තමා ලෝකෙට මියුසික් නොයන එක.අපේ රටේ සංගීතයත් එක්ක සංගීත රචකයෙක්  විදියට ලෝකෙට වැඩ කරන එක තමා මගෙ බලාපොරොත්තුව.