Mr and Mrs Smith ට පසුගියදා සිදුවුණ දේවල් ගැන මුළු ලෝකෙම හරි ප්‍රසිද්ධයි. අන් සියල්ලම පරදවා හොලිවුඩයේ ජනප්‍රිය වූ නළු නිළි යුවලක් වුණු Anjalina සහ Brad Pitt ගේ වෙන්වීම ඔවුන්ට ආදරය කළ අයට නොවුණත්, ලොව පුරා මාධ්‍යවලට තවමත් රසවත් පුවතක්. නිතරම අලූත් වන මේ කතන්දරේ පටන්ගත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී. මේ සිද්ධිය නිසා වඩාත් අපහසුතාවයට පත්වුණේ ඔවුන් දෙදෙනාගේ සෙවනේ හැදුණු දරුවන් සය දෙනා බව නොරහසක්. හැබැයි දරු වන්ම නිසාමයි Anjalina මේ දික්කසාදය ඉල්ලන්න ආසන්නතම හේතුව බවට සදහන් කළේ. Brad Pitt තිබු බරපතල චෝදනාව ළමා අපයෝජනයයි. දැන් ඒ ගැන තියෙන අලූත්ම ආරංචිය තම දරු වන් සමඟ නත්තල් නිවාඩුව ගත කරන්නට ඉඩදෙන ලෙස කරලා තිබුන ඉල්ලීමට Anjalina ගේ පැත්තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. E mail මගින් ඔහු ඉල්ලා තිඛෙන්නේ නිවාඩු සමයේ අමතර විනාඩි 30 ත් 60 අතර කාලයක් දරුවන් සමඟ ගත කරන්නට ඉඩ දෙන ලෙසයි. නමුත් Anjalina ගේ නීති උපදේශිකාව Laura Wasser කියලා තියෙන්නේ මේ දරුවන් ඉතාම හොදින් පසු වන බවත් වැඩි අවශ්‍යතාවයන් ගැන දරුවන්ගේ වෛද්‍යවරයා සොයා බලන බවත්ය. E mail ගනු දෙනුව සිදු වෙලා තියෙන්නේ දෙසැම්බර් මාසයේ. Brad ගේ ල්ලිම්මට යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැති බවයි අමෙරිකාවෙන් ලැඛෙන ආරංචි මාර්ග කියන්නේ . කොහොම වුණත් මේ නඩු හබය හොලිවුඩය කලඹන බව නම් සැක නැතිව කියන්න පුළුවන්.