ගීතයට අප කොයිතරම් කැමතිද? ඒ කැමැත්ත මත සිතෙහි රූප මවන්නට, ඒ රූප ගලපන්නට අපි කැමතියි. එක අපේ විදිය. වෙනසකට තියෙන්නේ අපි මවා ගන්නේ අපිට පෞද්ගලිකව ආසා හිතෙන රූප. Music Video අද දවස ගානේ නිර්මාණය වන කාලයක්. දවස ගානේ එළිදක්වන නිර්මාණ අතරේ මේ අලූත්ම නිර්මාණය Hit එකක් වෙයි කියන සලකුණු නම් පැහැදිලිව තියනවා.

හීනයක්ද මේ… ගීතය Music Video එක ගැන තොරතුරු අහන්න අපි කතා කළේ මේ රූප රචනයේ අධ්‍යක්ෂකවරයාට. රංගන සිංහාරගේ සම්මානලාභී සංස්කරණ ශිල්පියෙකු වන අතර රජීව් ආනන්ද අධ්‍යක‍ෂණය කළ ”කඩදොර” ටෙලි නාට්‍යය සඳහා සුමති සම්මානයද, සුමුදු වෙල්ලාලගේ අධ්‍යක‍ෂණය කළ ”හුස්ම සහ ඔක්සිජන්” ටෙලි නාට්‍යය සඳහා OCIC සම්මානයද ලබා ඇති ඔහු අත්දැකීම් ඇති දක්ෂ නිර්මාණකරුවෙක්. සුනිල් ආරියරත්න අධ්‍යක‍ෂණය කළ ”උත්පලවණ්ණා” සහ ප්‍රසන්න ජයකොඩි අධ්‍යක‍ෂණය කළ ”කර්ම” සිනමා නිර්මාණවල සංස්කරණ ශිල්පියාද ඔහුයි.

ඉදිරියේදී තිරගතවීමට නියමිත ප්‍රසන්න ජයකොඩි අධ්‍යක‍ෂණය කළ ”28” සහ ”දඩයක්කාරයා” සිනමා නිර්මාණයන් සඳහාද ඔහු සංස්කරණ ශිල්පියෙකු ලෙස සිය නිසඟ කුසලතාවය දක්වා ඇත. සියගණනකට අධික වෙළෙඳ දැන්වීම් සඳහාද සංස්කරණයෙන් දායක වී ඇති ඔහු අධ්‍යක‍ෂවරයෙකු ලෙස කළඑළි බසින පළමු ගීත රූප රචනාව මෙය වේ.

රංගන මොකක්ද මේ අලූත් වැඩේ?
ඇත්තටම මේ වැඩේට මාව සම්බන්ධ කරන්නේ ගීතය ලිව්ව චාමින්ද රත්නසූරිය. CNN Tunes නිෂ්පාදනයක් හැටියට නිර්මාණය ලඟදීම ඔබට දැක ගන්නට ලැබේවි.

ඔබට දෙන ඕනෑම නිර්මාණයක් ඔබ භාර ගන්නවාද ?
නෑ. මුලින්ම ඒ ගැන සොයා බලනවා. සාමාන්‍යයෙන් නිර්මාණ වෙන් කරන්නේ හොඳ හෝ නරක කියලනේ. හැබැයි මම එහෙම නෑ. මම බලන්නේ මට මගේ භාෂාවෙන් කිව්වොත් හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වැඩක්ද කියන එක විතරයි.

තවත් පැහැදිලි කළොත්  ?-
මම සංස්කරණ ශිල්පියෙක්. එතකොට තනිව ඒ කාර්යගත්තොත් මම වෙනත් අධ්‍යක්ෂවරයෙක්ගේ අදහස් එක්කයි වැඩ
කරන්නේ. හැබැයි මේ අලූත්ම Video එකේ අධ්‍යක්ෂවරයා මම ඒ නිසා මට මගේ විදියට අවශ්‍ය සෙල්ලම් දාන්න පුළුවන්.

යම් නිර්මාණයක් කරන්න කලින් එය ජනප්‍රිය වෙනවද නැතිද කියලා කලින් හදුනාගන්න පුළුවන්ද ඔබට ?
එක වෙන්නේ මෙහෙමයි. ඒ නිර්මාණය Release වන කාලයට ජනප්‍රිය සංගීතයේ රිද්මය තේරුම් ගන්න වෙනවා. ඒ වගේ ඕඩියන්ස් එක ගැන අපි බලන්න වෙනවා. හැමදාම රසිකත්වයේ එහෙම නැතිනම් ඕඩියන්ස් එකේ හිඩැසක් තියෙනවා. එය තේරුම් අරන් Blank ඕඩියන්ස් එකට Cater කරන්න පුළුවන්ද කියලා තෝරා ගන්න පුළුවන්.

දැන් අඩු බජට්වලට හැදෙන Music Video වැඩි නේද? අඩන දොඩන රූප රාමු දැකල ඇති වෙලා නේද?
මම නම් හිතන්නේ ඒ හැමදෙනාම නිර්මාණකරුවෝ. තමන් කරන දේ හරි කියලා තමයි කවුරුත් හිතන්නේ. එකෙ වරදක් නැහැ. Experience එකක් ගන්නනේ හැමෝම දේවල් කරන්නේ. අත්දැකීම් තමයි වැදගත් වෙන්නේ. සල්ලි දීලා ජනප්‍රිය කළත් වැඩිකල් පවතින්නේ නැහැ.

ඔබගේ අත්දැකීම් කෙහොමද? Music Video එක කරන්න?
මම ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ අවුරුදු 20 ක විතර ඉඳන්. ටෙලි නාට්‍ය, චිත්‍රපට, වාර්තා චිත්‍රපට මේ හැමදෙයක් හරහාම මම මගේ Experience ලබාගෙන තිඛෙනවා. Music Video පැත්තෙන් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක් මම කරල තියෙන්නේ. මේක වෙනස්ම අත්දැකීමක් වෙයි.Music Video එක හරහා දකින ශිල්පීන් සමඟ මනසින් කරන ගනුදෙනුවල වක්‍ර මානුෂීය සහ ආදරණීය පිළිතුරක් මේ වීඩියෝ එක බලලා රසිකයෝ තුළ ඇතිවේවි.

 

 

මම ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. අවුරුදු 20 ක විතර ඉඳන්. ටෙලි නාට්‍ය, චිත්‍රපට, වාර්තා චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් මේ හැමදෙයක් හරහාම මම මගේ Experience ලබාගෙන තිඛෙනවා

Song Title:
Sihinayakda Me

Artist:
Nadun Reshantha

Lyricist:
Chaaminda Rathnasuriya

Music:
Vishwa Sankalpa

Visual Director:
Rangana Sinharage

Actress:
Yureni Noshika

Asst. Director:
Ruwan Bandara

Costume:
Lasantha Udukumbura

Executive Producer:
Chaaminda Rathnasuriya
CNN Tunes