Bollywood යේ ”King Khan” නැතහොත් ෂාරුක් ඛාන් ගේ නවතම චිත්‍රපටය”Raees” මේ දිනවල තිරගත වෙනවා. රාහුල් ඩොලාකියා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ෂාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ඛාන් විසිනි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ ඔහුව හඹා යන පොලිස් නිලධාරියෙක් වටා ගෙතුන මෙම චිත්‍රපටය තුළ ෂාරුක් ඛාන්ෙ ග් රංගනය වඩාත් අකාර්ශනීයයි. මෑත කාලයේදී තිරගතවූ චිත්‍රපට තුළ ප්‍රේමණීය චරිතවලට සීමා වී සිටි ෂාරුක් ඛාන් “Raees” චිත්‍රපටය තුලින් ගුජරාටයම කැලඹූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රේක්ෂකයා හමුවට පැමිණේ. ෂාරුක් ඛාන්ට අමතරව මහීරා ඛාන් මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වනවා. නමුත් ඇය පාකිස්තාන රංගන ශිල්පිනියක් නිසා “Raees” චිත්‍රපටය ඉන්දියාව තුළ වාරණයකට ලක්වනවා. නමුත් කරුණු දැක්වීමෙන් අනතුරුව යලිත් එම වාරණයෙන් චිත්‍රපටය නිදහස් වන්නේ මින් ඉදිරියට ඉන්දීය සිනමාවට පාකිස්තාන රංගන ශිල්පීන් සම්බන්ධ කර නොගැනීමේ කොන්දේසිය මතයි.