01.ඔබ කලා ක්ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ පාසල් යන කාලයේදීම නේද?

ඔව් මම අවුරුදු 15දී විතර තමයි මුලින්ම tele drama එකකට රංගනයෙන් දායක උනේ.ඒ එක්  මෘගාංගනාවක් කියන tele drama එකට.

02.ඒ වගේම ඔබ මුලින්ම කලාවට සම්බන්ද වෙන්නේ නිරූපණ ශිල්පිනියක් විදියට නේද?

ඔව් මම නිරූපණ කලාවට අවතීර්ණ වෙන්නෙත් පාසල් යන කාලෙදිම තමයි.ඒ කාලේ අපේ පාසලේ ළමයින් සදහා වෙන් වූ ෆැසන් සෝස් තිබ්බා.මට  ඒ පැත්තට නිකන්ම කැමැත්තක් ඇති උනා.මට අවුරුදු 17දී විතර  මගෙ පළවෙනි වෙළද දැන්වීම සදහා සහභාගී වෙන්න අවස්තාව උදා  වෙනව.මම අපේ පාසලේ විදුහල්පතිවරයාගෙන් අවසර අරගෙන එ සදහා සහභාගී වෙනව.ඒක ඉවර උනාට පස්සේ මට දෙවෙනි වෙළද දැන්වීමත් හම්බ වෙනව.මේ විදියට මට දිගටම අවස්තාවන් ලැබෙනව.

03.ඔබේ සිනමා ගමන ආරම්භ වෙන්නේ අදරණීය වස්සානය සිනමා පටයෙන් නේද?ඒ අත්දැකීම ගැනත් මතක් කලොත්.

ඔව් ඇත්තටම.ඒකට මුලින්ම මම ෂෙනේස්ට ඉස්තූති කරන්න ඕනෙ ඒ වගේ අවස්තාවක් මට ලබා දුන්නට.ඒ සදහා මට ආරධනා කරන්නේ 2001 දී ඒක රූගතකරන්නේ 2002 වර්ෂයේදී ඒ වගේම ඒක තිරගත උනේ 2004 වර්ෂයේදී .ඒකෙන් පස්සේ මට එක දිගට රංගනයන් සදහා ආරාධනා ලැබුනා.අපේ ගෙවල් නුවර මම ඒ වෙනකොට කොළඹ පදිංචියටත් ඇවිල්ලා තිබුනේ.

04.ඔබ සම්මානනීය රංගන ශිල්පිනියක්.ඔබ හිතනවද රංගන ශිල්පිනියක් විදියට ඔබ සාර්තකයි කියල.

මෙහෙමයි.මට ඉස්සෙල්ලාම සම්මානයක් හම්බ වෙන්නේ ආදරණීය වස්සානය චිත්‍රපටියට ඒ වෙලාවෙනම් මට පුදුම සංතෝසයක් ඇති උනේ.ඒ උනාට මම කවදාවත් හිතන්නේ නෑ සම්මානයක් හම්බ උනා කියල මම සාර්තකයි කියල.අපි නිර්මානයක් කරල අපි නැවත ඒක බලද්දි මටනම් හිතෙන්නේ තව හොදට කරන්න තිබුනා කියල.මමනම් තාමත් hollywood film බලල ඒවගේ රංගනයන් දැකල අපිටත් ඒ මට්ටමට එන්න පුලුවන්නම් හොදයි කියල හිතන කෙනෙක්.

05.ඉසංග සච්නිට මුන ගැසුනේ කොහොමද?

එයාට ගාර්මන්ට් තියෙනව.ඒ ගාර්මන්ට් එකක තිබුන අවුරුදු උත්සවේක අවුරුදු කුමාරි තෝරන තරගෙකට මට ආරාධනා කරල තිබුන.ඒකෙදී තමා අපි දෙන්න මුලින්ම හමු උනේ.

06.ඉසංග සචිනිට ආදරය ප්‍රකාශ කලේ කොහොමද?මම කියන්නේ ඒක suprise එකක්ද?සචිනි එක්වරම ඒ යෝජනාවට කැමට්ගි උනාද?

මෙහෙමයි අපි දෙන්න ඒ හදුන ගැනීමත් එක්ක යාලිවෝ විදියට කිහිප වතාවක් මුන ගැසුන.එයා ඉතින් නිතරම suprise  වෙන විදියේ වැඩ කරනව.ඇත්තටම එයා මට යෝජනා කලෙත් අමුතුම suprise එකකින්.අපි දෙන්න එක දවසක් කෑම ගන්න hotel එකකට ගියා.ඒක අර කකුලුවෝන්ගේ කට්ටේ දාල තමයි කෑම තියෙන්නේ එයා ඒ කෑම අස්සේ මුද්දක් හංගලා ඒක මගෙ ගෑරොප්පුවට අහු වෙන්න.ඒ විදියට තමා එයා මට යෝජනා කලා.මම එයාට කැමති උනා ඉතින් අපි දෙන්න දැන් සතුටින් ඉන්නවනේ.

07.ඔබ දැන් බිරිදක් ඒ වගේම මවක්.ඒ හැගීම් කොහොමද දැනෙන්නේ.

ඇත්තටම ඒක ගොඩක් ආදරණීය හැගීමක් ඒ වගේම ඒක ලොකු වගකීමක්.ඉසංග කියන්නේ හොද සැමියෙක් එයාගෙන් පවුලට ලොකු සහයෝගයක් ලැබෙන්නේ.මට බබලා දෙන්නෙක් ඉන්නවා.මමත් පුලුවන් තරම් එයාලත් එක්ක ඉන්න බලනව අවස්තාවක් ලැබෙන හැම වෙලාවකම වගේ.හැබැයි මෙහෙම දෙයක් තියෙනව ගොඩක් රංගන ශිල්පිනියන් කසාද බැන්දාම ළමයි ලැබුනාම රංගන ජීවිතෙන් සමු ගන්නව ඒ උනාට ඒක නෙමේ වෙන්න ඕනේ අපි ඒ දෙකම සමබර කරගන්න ඕනෙ.අපි සීමාවන් වලට යට වෙලා ජීවත් වෙන්න හොද නෑ.

08.නිදහසේ ඉන්න වෙලාවට මොකද කරන්නේ.

ෆිල්ම් බලන එක තමා මම වැඩියෙන්ම කරන්නේ.කොච්චර වැඩ තිබුනත් මම ඒ වෙනුවෙන් පැය දෙකක් වෙන්කරගන්න උත්සහ කරනව.

09.සොපින් කරන්න ගොඩක් ආසයි නේද?ඒ වගේම එක එක විදියේ විලාසිතා කරන්නත්.

ඇත්තටම ඔව් .මම කොහොමත් ඒ වෙනුවෙන් අවුරුද්දකට අඩුම තරමේ දෙපාරක්වත් විදේශ සංචාරයකට යනව සොපින් කරන්න.මම ගොඩක් දුරට යන්නේ තනියම මොකද මම සොපින් කරන්න ගියාම දවසම ඇවිදිනව එතකොට යන කෙනාටත් එපා වෙනවනේ.ඉතින් මම ඒ සදහා යන්නේ තනියම.

10.රංගන කටයුතු වෙනුවෙන් සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එයා මට වැඩිය පවුල වෙනුවෙන් කැප වෙලා ඉන්නව ඒ සහයෝගයම මට හොදටම ඇති.එයත් කාර්ය බහුලයි.ඒත් එයා මම තරම් නම් කාර්ය බහුල නෑ.එයා ළමයින්ගේ වැඩ ගැන හොයල බලනව ළමයි එක්ක ඉන්නව.එයා කොයිම වෙලාවකදිවත් මට රගපාන්න එපා කියල කියන්නේ නෑ.එයා මට ලොකු ශක්තියක්.

11.ඔබ වැඩියෙන්ම කැමති සිනමාවටද ටෙලි නාට්‍යය වලටද?

මමනම් කැමති මාව සිනමා රංගන ශිල්පිනියක් විදියට හදුන්වනවට.රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට සිනමා තිරය කියන්නේ තමන්ගේ ප්‍රතිරූපය ඉහල නංවා ගන්න හොද තැනක්.ඒ උනාට මම tele drama වලත් රගපානවා.ලංකාවේ රංගන ශිල්පීන්ට එහෙම එකකට කොටු වෙලා ඉන්න බෑ.ඒකට ප්‍රධානම හේතුව තමා සිනමා කර්මාන්තය ඒ තරමටම ලංකාවේ දියුණු මට්ටමක නොමැති වීම.ඒ නිසා ඔවුන්ගේ ආර්තික මට්ටම වෙනුවෙන් ඔවුන්ට tele drama රංගනය කියන එක හොද දෙයක්.මමනම් කොහොමත් නිතරක මොකක් හරි චරිතයක් කරන්න ඕනෙ තැන ඉදල තමයි tele drama රංගනය සදහා දායක වෙන්නේ ආර්තිකය ගැන හිතලම නෙමෙයි.ඒත් මම හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නෙත් නෑ හොදයි කියල හිතෙන නිර්මාණ විතරයි භාර ගන්නේ.mega tele drama වලටනම් සම්බන්ධ වෙන්නෙම නෑ.

12.ඔබ womb කියල සිනමා පටයකට සම්බන්ධ උනා නේද?ඒ නිර්මාණය ගැනත් මතක් කලොත්.

ඔව් ඒ චිත්‍රපටිය අධ්‍යයක්ෂණය කළේ නිශාන්ත සාන්තදේව.මම ගොඩක් ආශාවෙන් කරපු චරිතයක් ඒක.ඒක කායික වශයෙන් යම්කිසි ක්‍රියාකාරකම් ගොඩක් එක්ක සිදුකරන්න උන රංගනයක්.බන්ධනාගාරයක් ඇතුළේ තමයි එහි රූගත කිරීම් කළේ.

13.හැමදාම රංගන ශිල්පිනියක් විදියටම ඉන්නද කල්පනාව එහෙම නැත්නම් ක්ෂේත්‍රය ඇතුළේ වෙනත් ඉසව්වකට යන්න බලාපොරොත්තිවක් නැද්ද උදාහරණයක් විදියට අධ්‍යක්ෂකවරියක් වෙන්න වගේ අදහසක්.

එහෙම අදහසක් තියෙනව ඒත් දැන්ම නෙමේ මට අවුරුදු 50ක් විතර වෙනකොට තමා මම අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න හිතාගෙන ඉන්නේ.ඒ වෙනකල් මම රංගන ශිල්පිනියක් විදියට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබාගන්න තමා හිතාගෙන ඉන්නේ.ඒත් නිෂ්පාදකවරියක් විදියට නම් ඉස්සරහට නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනව.මම මේ වෙනකොටත් අගර දගර කියල චිත්‍රපටියක් නිෂ්පාදනය කරල තියෙනව.