විවිධ වූ මනෝභාවයන් සහිත පුද්ගලයෙකු වටා නිර්මාණය වූ Split චිත්‍රපටය Horror Film ගණයට අයත්වන චිත්‍රපටයකි. මෙය Night Shyamalan විසින් අධක්ෂණය කර ඇති අතර James McAvoy ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වේ.

කෙවින් නම් වූ පුද්ගලයෙකු සතු විවිධ වූ මනෝභාවයන් සහ ඒ අරඹයා ඔහුගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන සිදුවීම් දාමයක් චිත්‍රපටය පුරා දැකගත හැකිය. ඔහු විසින් පැහැර ගන්නා තරුණියන් තිදෙනෙකු මුහුණ දෙන අත්දැකීම්, ඔවුන් දකින සහ ඔවුන්ට ඇසෙන දේ ඇසුරින Split චිත්‍රපටය නිර්මාණය වී ඇත. Split චිත්‍රපටයේ camera භාවිතය, ආලෝකකරණය සහ යොදා ගෙන ඇති සංගීතය ද චිත්‍රපටය ප්‍රේක්ෂකයා වෙත තව තවත් ආකර්ෂණය කරවන්නට සමත් වී ඇත. විනාඩි 117 ක් පුරා දිවෙන Split චිත්‍රපටය මේ වන විට ඇමරිකාවේ ටෙක්සාස් හි පැවති Fantastic Fest (Film Festival) සඳහා ද ඉදිරිපත් කර ඇත.

Spilt චිත්‍රපටය ඇමරිකව, කැනඩාව ඇතුලු රටවල් කිහිපයක දැනට තිරගත වේ .