Star Habits

Tanasha Hatharasigha

අපි පුරුදු වෙච්ච දේවල් තියනවා . සමහර ඒවා සාමාන්‍යයි. සමහර ඒවා අසාමාන්‍යයි. ටනාෂා හතරසිංහ කියන්නේ සිනමාවේ හතර මයිම සොයමින් ඉන්න නවක නිළියක්. ඇගේ පළමු චිත්‍රපටය තමයි , “The Rainbow”‘ අහලා බලමුද ටනාෂාගේ පුරුදු ගැන…

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවා නේද?
ඔව්. මම දන්නවා ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ජන්මෙට වඩා ලොකුයි කියන්නේ හැම දේකටම වඩා, පුරුද්දට ගිය දේවල් කරනවා කියන එක.

අත්හරින්න බැරි පුරුදු තියෙනවද?
Facebook එකේ ඉන්න එක. වැඩකරන වෙලාවට Phone එකේ ඉන්න එක.

වැරදි පුරුදු නිසා ගුටිකාල නැද්ද?
එහෙම ගුටිකාල නෑ, හබැයි ඉස්කෝලට පරක්කුවෙලා ගිහින් දඩුවම් විඳලනම් තියෙනවා.

ලැබුණ දඩුවම මොකක්ද?
රුපියල් 5 ක් දෙන්න ඕන. 1st Period එක දණගහගෙන ඉන්නත් ඕන .

වැඩිපුරම පුරුදු වෙන්න ඕන මොනවද ගෑනු ළමෙයක් වුනාම ?
උයන පිහින ඒවානේ. අපේ අම්මා නම් කියනවා මම ටිකක් කම්මැළියි කියලා.

රුව හැඩකරන පුරුදු තියෙනවාද?
ලස්සනට ඉන්න කැමතියි. ලස්සනට ඉන්න කරන දේවල් ටිකක් තියෙනවා.

ඉතින්… හොඳ පුරුදු මොනවද?
සත්තුන්ට හුඟාක් ආදරේ කරනවා. මම හුඟක් කැමති නෑ සත්තු පාරේ දාලා යනවට.

සංසාර පුරුද්දට හම්බවුන කෙනෙක් නැද්ද තාම?
ම්ම්… සංසාර පුරුද්දට ද නම් දන්නේ නැහැ ඉතින් කෙනෙක් ඉන්නවා.