1971 දී පැවති ඉන්දු පාකිස්තාන යුධ සමයේදී ඇතිවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් The Ghazi Attack චිත්‍රපටය නිර්මාණය වී ඇත. පාකිස්තානයට අයත් Ghazi නැමති සබ්මැරීනය අභිරහස් ලෙස මුහුදුබත් වීම සහ දින 18 ක් පුරා සබ්මැරීනය තුළ නාවිකයන් මුහුණදුන් අත්දැකීම් The Ghazi Attack චිත්‍රපටය තුළින් දැකගත හැක. මීට පෙර පාකිස්තානය තුළද, මෙම සිදුවීම ඇසුරින් නිර්මාණය කළ චිත්‍රපට කිහිපයක් තිරගත කර ඇත.

Sankalp Reddy විසින් අධ්‍යක්ෂණය කර ඇති The Ghazi Attack චිත්‍රපටය හින්දි සහ තෙලිගු බසින් නිර්මාණය වී ඇත. මෙය පෙබරවාරි 17 දා ඉන්දියාවේ තිරගත වන අතර පෙබරවාරි 24 දා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වීමත් සමග ලොව පුරා ප්‍රේක්ෂකයන්ට The Ghazi Attack චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව උදා වේ.